🦎
හූනෙක් ඇඟට වැටුනාද?
අතීතයේ සිට පැවත එන විශ්වාසයන්ට අනුව, හූනෙක් ඔබේ ශරීරයේ යම් ස්ථානයකට වැටීමෙන් අනාගතය පිළිබඳ පෙර නිමිති පෙන්නුම් කරයි.
හිස
කලහ ඇතිවේ.
මුහුණ
ඥාති මිත්‍රාදීන් දකී.
දකුණු ඇස
චිත්ත පරාජය ඇතිවේ.
වම් ඇස
සැප ලැබේ.
නළල
තනතුරු ලැබේ.
නාසය
රෝග පීඩා ඇති වේ.
කට
බිය ඇති වේ.
බෙල්ල
සතුරන්ගෙන් විනාශය.
දකුණු වර
නිරෝගී වේ.
වම් වර
සම්පත් ලැබේ.
පපුව
ධන ලාභ.
බඩ
ධාන්‍ය ලාභ.
දකුණු අත
මුදල් ලාභ.
වම් අත
ධන හානි.
දකුණු පය
වෙහෙස ඇති වේ.
වම් පය
දුක ඇති වේ.